නිර්මාණි ගැන අප කුමක් කියමුද?

ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලින් පවා ලබාගත් බොහෝ අධ්‍යාපනික සුදුසුකම්, දැනුමේ බර සහ ප්‍රඥාව සහිතව දියුණු රටක ඉතාම සුඛෝපභෝගී ජීවිතයකට පහසුවෙන් උරුමකම් කිව හැකි ඇය,
යුක්තිය සහ සාධාරණය පිළිබඳවද, දැනුවත් බවේ එළි දැල්වීම පිළිබඳවද, නොසන්සිඳෙන ආශාවකින් යුතුව, මහවැසි, මඩ වගුරු, මුහුදු සුළඟේ සීතල විඳගෙන, අසාර්ථක රාජ්‍යයකට බලාපොරොත්තුවක් දල්වන්නට ගාලු මුවදොර පුරවැසි සභාවක් බිහි කළාය…

ඒ වෙහෙස නිසා බිහිවූ ඵලය වනාහි මේ රටට අවශ්‍යම මොහොතක, විශාල දැනුම් සම්භාරයක්, උපදෙස් සම්භාරයක් සමඟ ජනතාව යා කරන දැවැන්ත පාලමකි…එහි තරම අරගලයේ අප දුටිමු… මේ හුදෙකළා තරුණිය ගොඩනගන ලද පීඨිකාව සහ අඩපණ වූ සමාජයකට එයින් දුන් පන්නරය මෙරට ඉතිහාසයේ ලියවිය යුත්තකි…
අරගලය අවසන් යැයි සිතා බොහෝ දෙනා එය අතහැරියත්, සැබෑ අරගලය තිබුණේ ගෝල්ෆේස් අඩවියේ කූඩාරම් වල පමණක් නොවන බව හොඳින් දත් නිර්මාණි, දිගින් දිගටම දැනුවත් සමාජයක් පිළිබඳව සිහිනය දුටුවාය… ඈ රෝහල්ගත වූ දිනය තෙක්ම ඒ සිහිනය දුටු ඈ, හෙට දවසේද ඇයට පෙනෙන සිහිනය වෙනුවෙන් පිඹුරුපත් සකසමින්, අප සැම ලුහුබැඳ අවුත් දිරිගන්වමින් සිටියාය..

මරණ තුනක් හෝ ඊට වැඩි ගණනක් උඩ වල්පල් දොඩන රැසක උඩුගං බලා පිහිනමින්, අරගලයේ නියුතු වූවන් සිය ගණන් විද්‍යාර්ථීන් සතු දැනුම උකහා ගනිමින්, තවත් එක මොළයක් හෝ පාදා දෙන්නට මේ නිර්භීත ප්‍රාණියා දරන ලද උත්සාහය මේ වනවිට නිමාවී තිබේ…

ඇයගේ හදවතේ දැල්වුණු නොනිවෙන ගිණි සිළුවෙන් ජන මනස මෙතෙක් උණුසුම් විය…. ඒ උණුසුම සදාකල් මෙහි එන තරුණ පරපුර වෙත රැඳේවායි පතමි…

නිර්මාණි … මෙහි සිටීම ගැන අපට කිසි ආඩම්බරයක් නැතත්, ඔබත් සමඟ මෙහි සිටීම ආඩම්බරයකි…..ඔබ දිගටම පවතිනු ඇත…. යා හැකිව තිබියදීත් අත් නොහැර, යන්නටම යන තෙක් මේ දූපත මත්තේම හැපි හැපී සිටි ඔබ සමඟ එක පෙරමුණක උන් මතකය ආඩම්බරයකි….

“මා දිගින් දිගටම සිහින දකිමි…. අපේ සමුගැනීම් නෑ….මොකද සිහින පවතිනවනෙ….” – අර්නෙස්ටෝ චේ ගෙවාරා

Damith Kethaka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...