උන් හිතන්නෙම මම මැරිලා
ඒත් උන්, දන්නෙ නෑ
මම තවම ගේ උඩ….
නිවන් සැප ලැබේවා….!
මහා ලොකු රෙදි වැලක්
හෙණ ගහපු පොල් ගහේ එල්ලලා
බුලත් කෙල පුරෝගෙන
ගමේ උන්,
මගෙ මිනිය රස කරන්නට ඇදෙනවා
එරමිණිය කටු කැලේ
ලොකු එකා බද්දට අරන්
ගමෙත් නැති උන්, ගෙදර ගෙනවිත්
කාඩ් කුට්ටම අනනවා
“තෝං දීපං
තොපිත් නැත්නම්
පස් යටට කරනවා…”
ඌගේ හයිරං සද්දෙ එද්දී
රැහැයියොත් මග හරිනවා
ඇට ගැහුණු පොඩි කොල්ල එල්ලං
ලොකු එකිත් බොරු කියනවා
හත් දොහේ දානෙ කිය කිය
ඒකි හිඟමන් යදිනවා
ලෙඩ ඇදේ ඉද්දි ගලවපු
මගේ තෝඩුත්, ඒකි දැන්, නෑ කියනවා
කුරුදු ගාලේ මිනිහ හැංගිල,
අමෘතේ රස විඳිනවා
මගෙම හැඹිලියෙ කාසි ගැන ගැන
ඌත් සව්දිය පුරනවා
මගේ මළකඳ ගෙයි තියං උන්
එළියෙ මඟුලක් ගන්නවා
යන්න විදියක් නැතිව ගේ උඩ
මමත් පිං පොත හොයනවා….!
ගීත් ගුණසේකර

