ඉන්දියාවේ සල්ලි මවන අපේ දේශපාලනඥයොත් යන එන තිරුපති කෝවිලේ මහා ධනස්කන්ධය

ඉන්දියාවේ තිරුපති කිව්වාම අපේ රටේ අයට නම් ඒ තරම් අලුත් දෙයක් නෙමෙයි. ඡන්ද කාලෙට එහෙම අපේ රටේ රාජ්‍ය නායකයෝ වන්දනාවේ යන තැනක් තමා තිරුපති කියන්නේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා අනුව දළ වශයෙන් දිනක වන්දනාකරුවන් 75,000ක් පමණ මේ තිරුපති කෝවිල වන්දනා කරන අරමුණෙන් එනවා කියලා තියෙනවා. 2021 වසරේ දී කෝටි 1.04ක් ප්‍රමාණයක් තිරුපති වන්දනා කරන්න ආවා කියලා The News Time වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙච්චර ලොකු පිරිසක් එනවා කියන්නේ අනිවාර්යෙන්ම මේ කෝවිලට ලැබෙන පඬරු ප්‍රමාණයත් ඒ වගේම විශාලයි. ආසන්න වශයෙන් මේ කෝවිලේ Net Worth එක නැත්නම් ශූද්ධ වටිනාකම අමෙරිකන් ඩොලර් බිලියන 30ක් (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 2.5ක්) බව Business Today වාර්තා කරනවා. ඒ වගේම වසර 89කට පස්සේ තමා පළමු වතාවට මේ ආදායම ගෙන තිරුපති පාලනාධිකාරිය විසින් ලෝකයාට හෙළි කර සිටියේ. මේ ආදායම ගැන කියනවා නම් ඉන්දියාවේ දැවැන්තම සමාගම් වන Wipro, Mahendra, Nestle India වගේ සමාගම්වලට වඩා තිරුපති කෝවිල ධනවත්.

මේ කෝවිල සතුව රත්‍රං ටොන් 10.25ක් බැංකුවල තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම ටොන් 2.5ක රන් ආභරණත් තිබෙනවා කියලයි කියන්නේ.

ඒ වගේම ඉන්දීය රුපියල් කෝටි 16,000ක ස්ථාවර තැන්පත් (Fixed Deposit) තියෙනවා. කෝවිලට අයිති දේපළ 960ක් ඉන්දියාව පුරාවටම තියෙනවා.

තිරුපති විතරක් නෙමෙයි තව ඉන්දියාවේ කෝවිල් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා මේ විදිහට ධනස්කන්ධයක් රැස් කරගෙන ඉන්න. හැබැයි ඒවා තිරුපති තරම් ධනවත් නැහැ.

දකුණු ආසියාව ගත්තාම බහුතරයක් මිනිස්සු සංවේදී වෙන කාරණයන් 03ක් තියෙනවා. ඒ තමයි තමන්ගේ මව ගැන කියද්දී, ආගම ගැන කියද්දී සහ ජාතිය ගැන කියද්දී.

මෙතනින් ආගම කියන සංවේදි කාරණය අරගෙන ඒක හරියට මෙහෙයව ගත්තොත් මේ වගේ ලොකු ධනස්කන්ධයක් හොයන එක ප්‍රශ්නයක් නෙමෙයි. අමීර් ඛාන් රංගනයෙන් දායක වූ PK චිත්‍රපටය බැලුවා නම් මතක ඇති ගඩොල් කැටයකට හුණු ටිකක් ගාලා පාරේ ගහක් මුල තිබ්බත් සල්ලි හොයන්න පුළුවන් කියලා.

ඉතින් මිනිස්සුන්ගේ විශ්වාසයන්වලට ගරහනවා නෙමෙයි, හැබැයි දෙවියන් වැඩ සිටින කෝවිල් හෝ පන්සල් හෝ වෙනත් දේවස්ථානයන් මෙච්චර ධනවත් වෙද්දී ඒවාට ගිහින් ධන සම්පත් ඉල්ලන ඔබ එක තැන ඉන්නේ ඇයි කියලා හිතලා බලන්න…

සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...