මිනිස්සු ජීවත් වෙන්නෙ වැඩ කරන්න නෙමෙයි. වැඩ කරන්නේ ජීවත් වෙන්න

ජීවිතේ පුරා හොයන්න ඕන සතුටු වෙන දේවල්. ඒවා පෙළ ගසන්න ඕඩර් එකක් හොයන්න අමාරුයි.හැබැයි ඒ අතර තමන්ගේ පවුල, ගෙදර ඉස්සරහට ම ගන්න පුළුවන් නම්, ඒක සතුට සම්බන්ධයෙන් හොඳ දර්ශකයක්.
ඊට පස්සේ මේ පවුල ලොකු කර ගන්න පුළුවන් නම් ජාති, ආගම්, දේශ සීමා නැතුව, ඒක සතුට සම්බන්ධ වඩාත් ඉහළ දර්ශකයක්.

මේ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයත් එක්ක අර විශාල පවුල ක්ෂය වෙමින් තමයි, මේ මොහොතේ තියෙන්නේ, ඊට පස්සේ අර්බුදය වෙන්නේ න්‍යෂ්ටික පවුල, ඊට පස්සේ ක්‍රමයෙන් තනි තනි පුද්ගලයන් වශයෙන්….
එහෙම වුණාම ඉච්ඡාභංගත්වය..

මේ තත්ත්වය දිගුකාලීන වුණා ම අපිට වෙන්නේ ශත වර්ෂ ගණනාවක් ආපස්සට යන්න. දැනටමත් අපි ඉන්නේ එහෙම පසුගාමී තැනක නොවන්නේ නොවේ.
……..

මේ හදන්නේ මේක අල්ලන් ඉන්න නං අපට උදවු වෙයි කියලා හිතෙන කාරණා ටිකක් මතක් කරන්න.

1. න්‍යෂ්ටික පවුල ඇතුළෙ අය හොඳ යාළුවෝ කරගැනීම. විශේෂයෙන් ම දරුවන්…

2. යාළුකම් නෑදෑකම් අළුත් කර ගැනීම(තෑගි බෝග අනවශ්‍ය යි)

3.සහකම්පනය . (Empathy)මේ මොහොතේ අනෙකාව තේරුම් ගැනීම හරිම අවශ්‍යයි.
ගෙදර දි, වැඩ කරන තැන්වල දි, බසයෙ දී ආදි හැම තැනක දි ම.

4. පුංචි පුංචි දේවල ඇති සතුට අත් විඳිමින් මේ මොහොත අවංකව ගත කිරීම..

මිහිර බණ්ඩාර හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy