2016 ට පස්සේ ඉන්දියාවේ දී ඉන්දියාව පරද්දපු පළවෙනි T20 මැච් එක

බැට් එකෙන්ද, බෝලෙන් ද අදාළම නැහැ ඊයේ මැච් එක ලස්සනටම ඉවර කළා.

මට හිතාගන්න බැරුව හිටියේ අපේ Main Bowler වනියාට වැදිලා හිටපු වෙලාවේ, රාජිත 19 Over එක දැම්මාට පස්සේ, වනියාට දෙයිද? වනියා හොඳට කරයිද ඕක තමා ඔලුවේ වැඩ කළේ. වනියාට වනපු අක්සාර් කාරයා තවම ඉන්නවා. මොනවා වෙයිද කියන තැන, හරියට කිව්වොත් පෙෂර් වැඩි වෙලා HEART ATTACK එන ම⁣ට්ටමට හිටියේ, හැමෝටම එහෙම වෙන්න ඇති..
මෙන්න දස්සා බෝල් කරන්න එනවා, පොඩි බයකුත් නොතිබුණා නෙමෙයි, බෝල් කරන්න පුළුවන්කම තියෙද්දී බෝල් කරන්නේ නැහැ.. ඉතින් මොන වින්නැහියක් වෙයිද කියලා බයයි, හැබැයි අමාරුම වෙලාවක විකට් එකක් ගලවන වැඩේ කරන්න පුළුවන්කම දස්සාට තියෙනවා කියලා අදත් පෙන්නුවා.

Set Batsman ලා දෙන්නවම 20 over එකේ දී ගලවලා දැම්මා.

ඊයේ (05) දස්සාගේ දවස Bat එකෙන් විතරක් නෙමෙයි Bowler කෙනෙක් විදිහටත් මැච් එක ඉවර කළා.

2016 ට පස්සේ ඉන්දියාවේ දී ඉන්දියාව පරද්දපු පළවෙනි T20 මැච් එකත් මේක..

Cpt. Dasun Shanaka 56* (22) | 2/4

සංජේ රණවක

ඊයේ (05) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 16 තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායමට හැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දියාව කාසියේ වාසිය, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව පන්දුවාර 8.2කදී ලකුණු 80ක් රැස්කළේය.

මෙන්ඩිස් ලකුණු 52කටත්, පැතුම් නිස්සංක ලකුණු 33කටත් දැවීගිය පසු භානුක රාජපක්ෂ ලකුණු 02කට සහ ධනංජය සිල්වා ලකුණු 03කට දැවීගිය අතර චරිත් අසලංක ලකුණු 37ක් ( 6 පහර 4ක් අයත් ) රැස්කළේ පන්දු 19 කින් වීම විශේෂයකි.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් ට ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ක සමත් විය.

මලික් ගේ පන්දු ඕවර 4 දී ලකුණු 48ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. කෙසේ නමුත් මලික් කඩුලු 3ක් දවා ගත්තේය.

දසුන් ශානක පන්දු 22කදී 6 පහර 6ක් සමඟ නොදැවී ලකුණු 56ක් ලබාගත්තේය.

මේ අතර ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි.

ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළේය.

ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 05 ලකුණු 57ක් වනවිට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ මහත් වූ නමුත් අක්ෂා පටේල් සහ සූර්යකුමාර් යාදෙව් 06 වන කඩුල්ල සඳහා ලකුණු 91ක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම කඩාවැටුණු ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ උද්යෝගයට රුකුලක් විය.

අක්ෂා පටේල් පන්දු 20කදී සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය.

මේ අතර වනිදු හසරංගට එරෙහිව T20 ජාත්‍යන්තර තරගයකදී එක් ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් කරමින් අක්ෂා සහ සූර්යකුමාර් හසරංගගේ තෙවැනි ඕවරයේදී ලකුණු 26ක් ලබාගැනීම විශේෂයකි.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය එළිපත්තට රැගෙන ආ අක්ෂාර් පතෙල් තරගයේ 19 වැනි පන්දුවාරයේ තුන්වෙනි පන්දුවේදී දැවී ගියේ ලකුණු 65 ක් ලබා සිටියදීය.

සූර්යකුමාර් යාදෙව් ව ලකුණු 51කට දවාගැනීමට දිල්ෂාන් මධුශංක සමත් විය.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු හතරකට කඩුලු දෙකක්, කසුන් රාජිත ලකුණු 22 කට කඩුලු දෙකක් සහ ඩිල්ෂාන් මධුශංක ලකුණු 45ක ට කඩුලු දෙකක් දවා ගත්තේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...