මිනිස් මොළයට අදාල නව ඉන්ද්‍රියක් සොයා ගැනේ

මොළයේ මෙතෙක් සොයාගෙන තිබූ මෙනින්ජීය පටල ත්‍රිත්වයට අමතරව ඒ අතර මෙතෙක් හඳුනා නොගත් ආවරණයක් පවතින බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.ඒ අනුව මේ දක්වා අප දැමගෙන සිටි මොළයේ ආවරණ පටල තුන වෙනුවට පටල හතරක් ඇතිබව කිව හැක.

මේ නව ආවරණය SLYM (Subarachnoid LYmphatic like Membrane) ලෙස හැඳින්වේ.මෙ සෛල තීරූ දෙක තුනක ඝනකමක් ඇති ඉතා තුනී පටලයකි.

අපගේ කලාප අස්ථියට ඇතුලතින්, මොළය සහ අස්ථිය අතර කොටසේ මොළයේ ආරක්ෂාවට හේතුවන ඉතා තුනී පටල තුනක් පවතී.ඒවා භාහිර සිට අභ්‍යන්තරයට වන පරිදි පිලිවෙලින් වරාශිකාව(Dura matter), ජාලාකාර පටලය(arachnoid matter) සහ චීනාංශුකාව(pia matter) නමින් හැ‍ඳින්වේ.ඉහත කී නව ආවරණය පවතින්නේ මද්‍ය සහ වඩාත් අභ්‍යන්තර පටල වන ජාලාකාර පටලය සහ චීනාංශුකාව අතර හිඩැස හෙවත් “subarachnoid space”(උප-ජාලාකාර අවකාශය) තුලය.
මොළයේ ආරක්ෂාවට,පෝෂණයට සහ සමස්ථිතියට හේතුවන “මස්තිෂ්ක සුසුම්නා තරලය” ගලායෑම පාලනය කිරීම මෙම නම ව්‍යුහයෙන් සිදුකරන බව පරීක්ෂකයන් පවසයි.ඒ අනුව මොළයේ පරිවෘත්තිය අපද්‍රව්‍ය මිශ්‍ර වූ පැරණි අපිරිසිදු මස්තිෂ්ක සුසුම්නා තරලය අලුතෙන් නිශ්පාදනය වන පිරිසුදු තරලයෙන් වෙන් කර තැබීම මෙමගින් සිදුකරනු ඇත.මෙනින්ජීය පටල ත්‍රිත්වයෙන් මැද පිහිටි ජාලාකාර පටලය සහ ඇතුලතින්ම පිහිටි චීනාංශුකාව අතර අවකාශය මෙම නව පටලය හෙවත් SLYM මගින් කුටීර දෙකකට වෙන් කරන අතර පිරිසිදු හා අපිරිසිදු තරල එම කුටි දෙකේ වෙන වෙනම ගබඩා කිරීමට වගබලා ගනී.
එක්සත් ජනපදයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය Maiken Nedergaard සහ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ ස්නායු ව්‍යුහවිද්‍යාව පිළිබඳ මහාචාර්ය Kjeld Møllgård විසින් මෙහෙයවූ ඇමරිකානු සහ ඩෙන්මාක ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම නව සොයාගැනීම සිදුකර තිබිනි.

මිනිස් සිරුර තුලම මෙවැනි අප නිදන්නා දෑ හමුවේනම් මේ විශ්වයේ අප නොදන්නා දෑ කොපමණ තිබිය හැකිද..

සංකල්ප ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...