හැරීගේ මතක ඇතුලත් “Spare” කෘතිය ගිනස් වාර්තා අලුත් කරයි

හැරී කුමරුගේ කුමරුගේ මතක ඇතුලත් “Spare” කෘතිය එළිදැක්වූ පළමු දිනයේදී වාර්තාගත අයුරින් පිටපත් මිලියන 1.4කට වඩා අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කෘතියෙහි අන්තර්ගතයන් හේතුවෙන් එය එළිදැක්වීමටත් දින ගණනාවකට පෙර ඊට ජාත්‍යන්තර අවධානය හිමිවිය.

මතක සටහන් කෘති රචකයෙකු වන ජේ. ආර්. මෝරින්ගර් විසින් හැරී වෙනුවෙන් රචනා කරන ලද, “Spare” සඳහා “පෙන්ගුයින් රැන්ඩම් හවුස් “, ප්‍රකාශන ආයතනය කෘතිය මුද්‍රණයට කිරීමේ කාර්‍යයට එක්විය.

ගාඩියන් පුවත්පත වාර්තා කළ අන්දමට කෘතිය එළිදැක්වීමට පෙර එහි පිටපතක් ගාඩියන් පුවත්පත දැක ඇත.

පසුව ගාඩියන් පුවත්පත එහි අන්තර්ගත සිද්ධි කිහිපයක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කළේය.

ඒ අනුව හැරී කුමරුගේ බිරිඳ මෙගන් මාක්ල් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර හැරීට සිය වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදී ඇත.

එම ප්‍රහාරයෙන් තමන් බිම ඇදවැටුණු බවද අදාල කෘතියෙහි සඳහන් කර ඇත.

එමෙන්ම තමන් බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බවත්, හමුදා සොල්දුදුවකු ලෙස තමන් කළ කිසිවකු ගැන තමන් පසු තැවෙන්නේ හෝ ආඩම්බර වන්නේ හෝ නැතැයි ද “Spare” හි සඳහන් කර ඇත.

මෙලෙස “Spare” හි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා පොත එළිදැක්වීමට පෙරාතුවම මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ඊට ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.

අදාල පොත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ලන්ඩන් නුවර බොහෝ පොත් සාප්පු මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තැබූ බව ද විදෙස් මාධ්‍ය වල සඳහන් විය.

නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශන ආයතනය කියා සිටියේ ප්‍රබන්ධයක් නොවන පොතක් සඳහා වූ විශාලතම අලෙවිය ලෙස “Spare” වාර්තා පොතට එක් වූ බවයි.

මේ අතර හැරී කුමරුගේ මතක ඇතුලත් ආන්දෝලනාත්මක “Spare” කෘතිය ගිනස් වාර්තා අලුත් කර තිබේ.

ඒ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට පත්වෙමිනි.

පොත එළිදක්වා පැය 24 ඇතුලත එහි පිටපත් මිලියන 1.43 ක් අලෙවි වී ඇත.

මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ A Promised Land කෘතියටයි.

එය ප්‍රකාශයට පත්කළ දිනයේදී 887,000ක පිටපත් ප්‍රමාණයක් අලෙවී වී තිබිණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම ග්‍රන්ථය භාෂා 15කින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

පොත එළිදැවීමට දින 5 පෙර ස්පාඤ්ඤ භාෂාවට නගා තිබුණු Spare හි පිටපතක් මාධ්‍යයට හමුවීමත් සමග එහි ආන්දෝලානාත්මක යම් සිද්ධීන් කිහිපයක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කළේය.

එයත් සමග පොතට ඉහළ ඉල්ලුමක් ලැබුණු බවත් පොත් සාප්පු ඉදිරිපිට පොත මිලදී ගැනීමට පිරිස් එක් රැස් වී සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ග්‍රන්ථය හේතුවෙන් තමන්ටත් තම පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බවට හැරී කුමරු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව තර කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...