ඔපේලියාගේ මුහුණෙ සටහන් වෙන්නෙ මේ වේදනාවමද..?

ඔපේලියා.

විලියම් ශේක්ස්පියර්ගෙ හැම්ලට් නාට්‍යයේ එන චරිතයක් ඔපේලියා.
ඩෙන්මාර්කයේ ගංඟාවක මල් වට කරගෙන ගී ගයමින් මියගිය තරුණිය විදිහට ඇය ප්‍රසිද්ධයි.
හැම්ලට් නාට්‍යයේ මේ සිද්ධිය තමයි 1851/1852 අවුරුදු දෙක කාලය තුල ඇඳල නිම කරපු ඔපේලියා චිත්‍රයට මූලික වෙන්නෙ.
විශේෂයෙන්ම මේ තරුණියගෙ මුහුණේ හැඟීම් බොහෝ විචාරකයන්ගේත් චිත්‍ර ශිල්පීන්ගේත් පැසසුමට ලක්වෙනව අදත්.
සර් ජෝන් එවරට් මිලායිස් නම් ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියා තමයි මෙහි නිර්මාණ කරු.

මේ චිත්‍රය නිර්මානය කරල තියෙන්න අධියර දෙකකින්. මුලින්ම ගංඟාව..ඉවුරු හා ඒ අවට ගහ කොළ එලිමහන් පරිසරයකදි ඇඳල ඉවර කරල, ඊට පස්සෙ ලන්ඩන් නුවර තමංගෙ ස්ටුඩියෝ එක ඇතුලෙදි තමයි ඔපේලියාගෙ රුව ඇඳල තියෙන්නෙ.
ඔපේලියාගෙ රූපය සඳහා තෝරගෙන තියෙන්නෙ වයස අවුරුදු දහ නමයක රූමත් තරුණියක් වූ එලිසබෙත් සිධාල්.
විශාල නාන බේසමක වතුර පුරවල මල්.. කොල අතු සකස් කරල එලිසබෙත්ව නාන තටාක ඇතුලෙ නිදි කරවල තමයි මේ චිත්‍රයේ දෙවනි කොටසෙ වැඩ පටන් අරන් තියෙන්නෙ.

මේ ශීත කාලය.. ඒ නිසා බේසමේ වතුර උනුසුම්ව තියාගන්න මේ නාන බේසමට යටින් ලොකු ඉටි පන්දම් ගණනාවක් පත්තු කරල තියනව.

හැබැයි මේ ඉටි පන්දම් පත්තු කරල තියෙන්නෙ බිම් මහලෙ. මොකද නාන බේසමේ පතුලට ලඟා වෙන්න පුළුවන් බිම් මහලෙන් පමණයි.

පැය ගාණකට පස්සෙ මිලායිස් එයාගෙ චිත්‍රයේ වැඩ ඉවර කරල එලිසබෙත්ට ප්‍රශංසා කරන්න ලඟට යනව.
මොකද මේ පැය ගාණක කාලය තුල එලිසබෙත් නිකමටවත් හෙලවිලාවත් .. මූණෙ හැඟීම් වෙනස් කරලවත් නෑ.
මිලායිස් දකින්නෙ කථා කරගන්නවත් බැරි මළ මිනියක් වගේ තරුණියක්. එලිසබෙත්ව වතුර බේසමෙන් උඩට ගන්න අත් වතුරට දානකොටයි මිලායිස්ගෙ හදවත සීතල වෙලා යන්නෙ. උනුසුම් වතුර වෙනුවට බේසමේ තියෙන්නෙ අයිස් වගේ සීතල වතුර.

ඉටි පන්දම් නොනිවී තබා ගන්න පත් කරපු සේවකයට අමතකවීමක් වෙලා සැරින් සැරේ ගිහින් ඒ බව තහවුරු කරන්න.
පැය ගාණකට ඇවිලෙන්න පත්තු කරපු ඉටි පන්දම් මොකද්දෝ හේතුවක් නිසා පත්තු කරපු සැනින්ම නිවිල ගිහින්.
එලිසබෙත්ව වහාම රෝහල් ගත කරනව.. නියුමෝනියාවෙන් පීඩා විඳින්න මේ දැරිවිට සිදු වෙනව. ජීවිතේ බේරෙන්නෙත් වාසනාවකට වගේ.

කොහොම උනත් එලිසබෙත්ගේ පියා ඉල්ලනව මිලායිස්ගෙන් සියලුම රෝහල් බිල් ගෙවන්න කියල. බිල් ගෙවනව විතරක් නෙමේ මිලායිස්ගෙ ආදරය , කරුණාවත් එලිසබෙත්ට ලැබෙනව. එලිසබෙත්ට තෑගි කරපු කුඩා ආභරණ හා ඇඳුමකුත් අද ලන්ඩන් කවුතුකාගාරයකදී දැක ගන්න පුළුවන්.
මං හරිම ආසයි මිලායිස් මහත්තයාගෙ චිත්‍ර වලට..

වතුරෙ සීතල නම් හරිම වැඩියි. ඒත් මට ඕනෙ වුනේ නැහැ එයාගෙ ඇඳීමට බාධාවක් වෙන්න. මං නිසා මේ තරම් වටින පුද්ගලයෙක්ට බාදා වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමේ.
එලිසබෙත් එහෙම කියල තිබුන.
ඔපේලියාගේ මුහුණෙ සටහන් වෙන්නෙ මේ වේදනාවමද..?

Malcolm Sang


පිංතූර: Wikipedia.. London’s golden collection.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy