‘The Eight Mountains'(2023)
මොන්ටෙින් කියු පරිද්දෙන්ම ගමන ජීවිතය කරගත් අපුරු මිතුරන් දෙපළකි. ඒ ‘පියෙත්රෝ’ සහ ‘බෲනෝ’ ය. මොවුන් දෙපළ දුවපැන සෙල්ලම් කරන වියේ සිට මැදි වයස තෙක් දැඩි මිතුරුකමින් වෙළුණු දෙදෙනෙකි. බෲනෝ සහ පියේත්‍රෝ විසින් තම පියාගේ ආනුභාවයෙන් ලත් කඳු මත යෙදෙන දිගු සංචාරයෙ යෙදීමට රුසියෝ ය. තම ගමි පියසේ පිහිටි කඳුකරයේ ඇවිදිමින්, හිමාල කඳුකර පරිසරයන් හි කාලය ගෙවා දමන මෙි දෙපළගේ සංචාරක ජිවිතය සොඳුරුතම ඉසවි කරා රැගෙන යයි. තම ගමිමානයේ පිහිටි කඳුමුදුනක ගිමිහාන නිවසක් (summer House) තනයි. මොවුන් දෙපළගේ ජීවිතය අනෙක් තරුණ ජීවිත මෙන් නොවෙි. සුඛෝපභෝගී වාහනයක්, සුඛෝපභෝගී නිවසක්, ප්‍රීතිමත් විවාහ ජීවිතයක්, ටයි කෝටි හැඳ පැළඳ සිටින වායු සමීකරණ ගොඩනැගිල්ලක ගෙවන වෘත්තියක් මොවුන් දෙපළගේ ජීවිත අපේක්ෂාව නොවෙති. මොවුන් දෙපළගේ අපේක්ෂාව සාමිප්‍රදායික ජීවිතය උඩුගං බලා පිහිනීමකි. අපේක්ෂාව වන්නේ පුද්ගල නිදහස සහ පරිසර පද්ධතිය සමඟ හුදෙක් අරගලයකි.
මෙි අපූරු කතාන්තරයකින් සමන්විත මෙම සමිමානනීය චිත්‍රපටය ‘The Eight Mountains’ ය. සොඳුරු කඳුකර පරිසර කලාපයක් වෙත අපව ගෙන යන ‘The Eight Mountains’ ඉතාලි භාෂිත චිත්‍රපටය එතෙක් මෙතෙක් මා නරඹන ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි. පියෙත්රෝ සහ බෘනෝ නමින් හැඳින්වෙන මිතුරන් දෙදෙනගේ නිදහස්කාමී ජීවන අරගලය චිත්‍රපටය තුළ දිගහැරුම බවට පත් වෙනවා. චිත්‍රපටය වාර්තා චිත්‍රපටයක ස්වරූපය දරයි. ජේදනය වන තරමක් කෙටි වෙලාවක් දිවෙන රූප (shots) ප්‍රේක්ෂකයා සමඟ සමිබන්ධ වෙයි. අපේ ජීවිතවල හරය කුමක්ද? යැයි අසන්නාක් මෙන් රූප ප්‍රේක්ෂකයා ප්‍රශ්න කරති. අබිබාස් කියරොස්තාමිගේ සිනමා රූප මෙහි සිහි කැඳවයි.
මෙි කඳුකර පන්තිය සමඟ ප්‍රේක්ෂකයා, අප මොහොතකට තනි වීමු. ගැඹුරුතර ආත්මීය රූප බවට පත් වෙති. චිත්‍රපටය තුළ යටිපෙළ තුළ හඟවන ගම පිළිබඳ අදහසට අවධානය යොමු වෙයි. ගම සුරංගනා ලොවක් හෝ නරකාදියක් හෝ නොවෙි. එය සතුට හා අසතුට, දුක හා සැප, අපේක්ෂා සහ අපේක්ෂා භංගත්වය, සාමිප්‍රදායිකත්වය හා නූතනත්වය ද එක් තැන් වූ සංක්‍රාන්තික අඩවියකි. ගම යනු හුදෙක් තමාගේ නිජබිම ලෙස සැලකීම චිත්තවෙිගීයව ප්‍රමාණවත්ය යන මගේ විශ්වාසයයි. අවසානයේ බෘනෝගේ නිජබිම වූ අතීතකාමය ගැබි වූ තම ගම්මානයෙන් පළා නොයයි. චිත්‍රපටය සාංදෘෂ්ටිකවාදීව ජිවිතය දෙස නැවතවරක් එබී බලන්නට අපට බල කරයි. හැකි නමි ‘The Eight Mountains’ චිත්‍රපටය නරඹන්න. ජීවිතය පිළිබඳ ගෙතූ සිනමා කවියකි.
මලින්ත විතානගේ