කඳු මුදුන් කියන්නෙම මායාවක්. එයිනුත් ඇල්ප්ස් කඳු මුදුන් මවන මැජික් පුදුමාකාරයි

එක මොහොතින් කුණාටු මවන… හුලඟ හූ හඬ තියමින් කැරකෙන…. ඉර හැංගිලා එක් වරම කළුවර වෙන.. තව මොහොතකින් මුළු අහසම පාට පාටින් නාවන හිම කඳු කලාප තරම් අවිනිශ්චිත විශ්වාස කරන්න අමාරු තැනක් ලෝකෙ කොහෙවත් නෑ.

“වැල් ද ඇනිවියර්ස්” කියන්නෙ සංචාරකයන් අතර බොහොම ප්‍රසිද්ධ ස්විස් ඇල්ප්ස් කඳුකරයේ ප්‍රදේශයක්.

වැලේ ප්‍රාන්ථයට අයිති මේ ප්‍රදේශය පිහිටල තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ සර්මැට් මැටර්හෝන් කන්ද පේන දුරින්.

සර්මැට් ගැන දවසක වෙනම කතා කරමු. ඒ තරමට කතා කරන්න ජාති තියනව.

ඉර පායන වෙලාවටත් … ඉර බහින්න ආසන්නයෙත් හිමෙන් වැහුනු කඳු මුදුන් වගේම හිම දියවුනු ශිඛර මුදුන් පාට පාට මැජික් මවනව.
විශේෂයෙන්ම ඉර බහින වෙලාවට මේ කඳු මුදුන් වගේම ඒ ආසන්නයේ තියෙන වලාකුළුත් කුකුල් කරමලයක් වගේ රතු පාට වෙනව.
මේ රතු පාට කැමරාවකට හසු කරගන්න පුළුවන් වුනත් හැබෑ ඇහින් දකින මැජික් එක මීට වඩා බොහොම ආකර්ශණීයයි.

එක කඳු මුදුනක් කහ පාට වෙද්දි තවත් තැනක් රන් වන් පාට වෙනව. වඩාත් ඈතින් උසින් තියන කඳු මුදුන රතු පාට වෙන්නෙ මමයි මෙතන බලවත්ම… උසස්ම කියන්නා වගේ.

හැමෝගෙම ඇස් එක මොහොතකට එකම තැනක නතර වෙනව.
ඉර මුවාවෙන් අඳුරු වෙන කඳු මුදුන් පේන්නෙ හිස වසාගත් මායාකාරියො වගේ.
මේ වෙලාවට විතරක් ඇයි ඉරේ එලිය රතු පාට මවන්නෙ… කොහොමද කඳු මුදුන් රතු පාට පොරව ගන්නෙ කියන කාරණය අපි මීට කලින් කතා කලා.

ඉර බහින වෙලාවට අවට පරිසරයේ තියන ශක්තිය පුදුමාකාරයි. හැම තැනම නිශ්ෂබ්දයි. කතාවක් තියනව ඉර බහින වෙලාවට දවල් කාලයේ කලබල සතුන් සන්සුන් වෙන බවටත්… හිතේ කිසිම තරහක් .. වෛරයක් ඉතුරු කරගන්නෙ නැතිව ඇස් පියා ගන්නව කියලත්.

පලවෙනි පිංතූරයේ අයිතිය Arnaud Dorsaz කියන ඡායාරූප ශිල්පියාට.
ඉතිරි පිංතූර තුන සති අන්තයේ කඳු උඩ ඇවිදින අපේ මිත්‍ර කණ්ඩායමක් මට එවපුවා.

පොත් ලියන්නයි… කඳු උඩ ඇවිදින්නයි දෙකක් කරන්න අමාරු නිසා මේ සති අන්තයේ කඳු උඩ ඇවිදින එක අමාරුවෙන් අමතක කරන්න සිද්ධ වෙනව.

Malcolm Sang

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...