2007 වසරේ දී මියගිය සිය සැමියාගේ හඬ ඇසීමටම සෑම දිනකම දුම්රියපොළට එන මාර්ග්‍රට් මැකොලම්

සමහර කතා අහද්දී ඒවා පොතක, චිත්‍රපටයක කොටසක් වගේ දැනෙනවා.
ඒ තරම්ම ඒවා විශ්වාස කළ නොහැකියි.

මාර්ග්‍රට් මැකොලම්, ලංඩනයේ භූගත දුම්රියපොළක සෑම දිනකම දැක ගත හැකි කාන්තාවක්.
ඇය දිනපතා දුම්රියපොළට එන්නේ ගමනක් උදෙසා නොවෙයි.
වෙනත් අපූරු හේතුවකට.

මාර්ග්‍රට් ගේ සැමියා හඬකැවීම් ශිල්පියෙක්.
ලංඩනයේ උමන් දුම්රියපොළක විකාශය කෙරෙනා එක් නිවේදනයක් 1950 වසරේ දී ඔහුගේ හඬ යොදා පටිගත කළ එකක්.
ඔහු 2007 වසරේ දී මියයනවා. එවකට ඔහුගේ වයස අවුරුදු 87 යි.
එතැන් පටන් මාග්‍රට් සිය සැමියාගේ හඬ ඇසීමටම, සෑම දිනකම දුම්රියපොළට එනවා.
ඔහුගේ හඬින් ඇසෙනා නිවේදනය අසා සිටීම පමණක් ඇයට සතුටක්.
මීට වසර කිහිපයකට පෙර දශක ගණනාවක් පැරණි වූ දුම්රිය නිවේදන ඉවත් කර, අලුතෙන් පටිගත කළ නිවේදන විකාශය කිරීමට දුම්රියපොළ බලධාරීන් කටයුතු කළා.

නමුත් මාර්ග්‍රට් ගේ කතාව දැනගත් සැණින් ඔවුන් එම තීරණය වෙනස් කළා.
ඇයගේ සැමියා ගේ නිවේදනය පමණක් වෙනස් නොකර විකාශය කිරීමට තීරණය කළා.
ඒ මාර්ග්‍රට් වෙනුවෙන්මයි.

දිනෙක ඇය දුම්රියපොළට පැමිණෙන ගමන නවතින තුරු, ඇයගේ සැමියාගේ හඬ ඇසේවි.
සමහර කතා වියැකි යන මනුෂ්‍යත්වය, මිනිස් සම්බන්ධතා සහ ආදරය ගැන යළිත් විශ්වාස කිරීමට අපව පොළඹවනවා.
තමන් ආදරය කළ, එක්ව ජීවිතය බෙදාගත් සිය සැමියාගේ හඬ ඇසීමට පමණක් දිනපතා දුම්රියපොලකට යන මාර්ග්‍රට් ගේ කතාවත් එහෙම එකක්.

      2023.12.03

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...