“යුක්‍රේන භුමියේ රුසියානු සෙබළුන්ට මිනීවළ හැර වෙන කිසිම තැනක් නැහැ” – යුක්‍රේන ජනාධිපති

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු අඟවන්නේ සිය හමුදා කියුව් භූමියේ යුද අපරාධ කරන ඕනෑම රුසියානු සොල්දාදුවෙකු ලුහුබැඳ ගොස් ඝාතනය කරනු ඇති බවයි.

මෙහිදී යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කරන ලද ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ

“යුක්‍රේනයේ මේ වගේ පවුල් කීයක් මැරිලා තියෙනවද?. මේ යුද්ධයේදී කුරිරුකම් කරපු හැමෝටම අපි දඬුවම් කරනවා. අපි සමාව දෙන්නේ නැහැ. අපේ භූමියේදීම. මිනීවළ හැර ඔබ වෙනුවෙන් මේ පොළොවේ කිසිම තැනක් නැහැ. රුසියානු සෙබළුන් දැනටමත් කර ඇති සෑම දෙයක්ම ඔවුන්ට තවමත් ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා. විකෘති ජීවිත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මීටත් වඩා මරා දැමීමටයි.”

යුක්‍රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් ලෙස නම් කරන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා පසුගියදා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සෙනෙට් සභික මාර්කෝ රූබියෝ පවසන්නේ එම පියවර තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය වනු ඇති බවය.

මේ අතර, යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවැනි වටයේ සාකච්ඡා අද (07) පැවැත් වේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්‍රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ රුසියානු ප්‍රහාර හමුවේ පීඩාවට ලක්වුණු අහිංසක යුක්‍රේන වැසියන්ගේ රුධිරයෙන් සහ කඳුළුවලින් යුක්‍රේනය තෙත් වී ඇති බව පවසයි..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...