‘ජොකොවිච්’ දැනට ලෝකයේ ඉන්න හොඳම ටෙනිස් ක්‍රීඩකයා, වසර 13ක් තුළ සති 426ක් අංක 1

මෙයා ප්‍රසිද්ධ වුණු මුල් කාලේ ලංකාවේ ගොඩක් ටීවී රේඩියෝ නිව්ස් වල මෙයාගේ නම කිව්වේ නොවැක් “ඩිජිකොවිච්” කියලා.
“නොවැක් ජොකොවිච්” තමයි හරි නම.

මේ තමයි දැනට ලෝකයේ ඉන්න හොඳම ටෙනිස් ක්‍රීඩකයා. ශ්‍රේණිගත කිරීම් වල අංක 1. වසර 13ක් තුළ සති 426ක් අංක 1 හොබවපු විශිෂ්ටයෙක්. “ග්‍රෑන්ඩ් ස්ලෑම්” 24ක හිමිකරුවෙක්.

ජොකොවිච් උපදින්නේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් වල. යුද්ධයක් පැවතුණු වෙලාවක තමයි ඔහු උපදින්නේ. මාස දෙක හමාරක් විතර එක දිගට බෝම්බ අහසින් වැටෙද්දී ඔහු හැදී වැඩුනා. දැන් ඔහු කියන්නේ ඒ අපහසු පරිසරය ආශ්‍රයේ හැදී වැඩුණු එක ඔහුට ශක්තිය ගෙනා බවයි.

එක කාලෙකදී, අත් හැර දමන ලද පිහිනුම් තටාකයක් ටෙනිස් පිටියක් හැටියට හදාගෙනත් ඔහු පුහුණුවීම් කළා ලු. ඔහුගේ පියා ඔහුගේ ටෙනිස් ක්‍රීඩා පුහුණුවීම් සහ අධ්‍යාපනය සඳහා ගොඩක් ණය වෙලා තිබුනා. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් දියුණු විය යුතු යැයි කියන පීඩනය ඔහුගේ හිතේ හැමදාම තිබිලා තිබුනා. යොවුන් වයසේදීම ජර්මනියට ගිහින් ටෙනිස් ක්‍රීඩා කිරීමේ අභියෝගයත් ඔහු භාරගත්තා.

රොජර් ෆෙඩරර්, රෆායෙල් නඩාල් වගේ දැවැන්ත නම් ටෙනිස් ලෝකය තුළ බැබළෙන කාලෙක නොවැක් ජොකොවිච් ඔහුට නමක් හදාගන්න ඉඩ හොයාගත්තු හැටි හරි පුදුමයි. දක්ෂතාවයත්, ශක්තිමත් මානසිකත්වයත්, එක දිගට දක්ෂතා දැක්වීමත් කියන තුන ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන අංග තුනක්.

පොහොසත් පවුලකින් නාවත්, යුධ ගිනි මැද ඉපදුනත් ඔහු ඔහුව ගොඩනගාගත්තු විදිය ලස්සන අතීත කතාවක්. ළමා කාලයේදී ඇතිවුණු ට්‍රෝමා තත්වයන් සහ ශූරයෙක් වුනාට පස්සෙත් වරින් වර එන මානසික අසමතුලිතතාවයන් ඉදිරියේ ඔහු වැඩ කටයුතු කරන විදිය ගැනත් ටිකක් හොයා බලන්න වටිනවා. ඔහු කියන්නේ එහෙම වෙලාවල් වලදී ඔහු වෘත්තීය උපදේශකවරුන්ගේ සේවය ලබාගන්න නොපැකිලෙන බවයි.

අපි කාට වුනත් කායික, මානසික ගැටළු තියෙන්න පුළුවන්. ඒවායේදී වෘත්තීය සහාය ලබාගන්නවා වගේම ශක්තිමත් මනසින් ඉවසා දරාගෙන, කාලය අරගෙන ඉදිරියට යන එක ඉතා වැදගත්. උදව් ඕන වෙන වෙලාවට උදව් ගන්න. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වෙලා ජොකොවිච්ටත් පුළුවන් නම් අපට මොකද බැරි?
ඔබට සුබ දවසක්! ජොකොවිච්ට සුබ උපන් දිනයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...