පෘථිවියේ අවසන් මැමත් ගහනය විනාශ වූයේ අහඹු හා හදිසි සිදුවීමකින් බව හෙළිවෙයි

රුසියාවේ සයිබීරියාවට අයත් මැමත් සතුන් විනාශ වී ගිය පසු වසර 6,000 ක කාලයක් යන තුරුම අවසන් මැමත් ගහනය ජීවත් වූයේ රුසියාවට අයත් රැන්ගල් ( Wrangel Island ) දූපතේ පමණයි.

වර්ග කිලෝ මීටර් 7,600 ක් තරම් වන රැන්ගල් දූපත විශාලත්වයෙන් ලොව 92 වෙනි දූපත වන අතර එය Chukchi මුහුද සහ නැගෙනහිර සයිබීරියානු මුහුද අතර ආක්ටික් සාගරයේ පිහිටා තිබෙනවා.

Love Dalen

ඊයේ ජූනි 27 වෙනි දින Cell ජර්නලයේ පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවකට අනුව අදින් වසර 4,000 කට පමණ ඉහතදී විනාශ වී යන තුරු රැන්ගල් දූපතේ අට දෙනෙකුගෙන් පමණ ඇරඹුණු මැමත් ගහනය 300 ක් පමණ දක්වා වර්ධනය වී තිබුණා.
” ජානමය සාධක හේතුවෙන් ඔවුන් වඳ වී යාමට තරම් ඔවුන්ගේ ගහනය බෙහෙවින් කුඩා වූ බවට ඇති අදහස දැන් අපට විශ්වාසයෙන් ප්‍රතික්ෂේප කළ හැකියි. එයින් අදහස් වන්නේ ඔවුන් කිසියම් අහඹු සිදුවීමකින් විනාශ වී ගිය බව හා එසේ නොවුණි නම් අදටත් ඔවුන් මිහි මත වෙසෙන බවයි. “
එසේ පැවසුවේ ඉහත පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර හා ස්වීඩනයේ ස්ටොක්හෝම් වල පුරා ප්‍රවේණි විද්‍යා මධ්‍යස්ථානයේ පරිණාමීය ප්‍රවේණි විද්‍යාඥ Love Dalen .

මැමත් සතුන් රැන්ගල් දුපතේ හුදෙකලා වූයේ වසර 10,000 කට පමණ ඉහතදී මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් පසු උස් කඳු වලින් යුත් රැන්ගල් දූපත මහා ගොඩබිමෙන් වෙන්වීම නිසයි.

රැන්ගල් දූපතෙන් හමු වූ මැමත් දලයක ඡායාරූපයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...