‘මරකත ඵලකය’ සිනමාරූපීව ලියා තිබීමෙන් සිතේ චිත්‍තරූප මැවේ

මරකත පිළිලයෙන් පසුව එහි දෙවැනි කෘතිය වන්නේ මෙම කෘතියයි. ක්‍රිස්ටෝපර් ටයිලර් යනු මෙම කතා ද්විත්වයෙහිම ප්‍රධාන චරිතයයි. එනමුත් මරකත ඵලකය තුළ ස්ටීවන් ලෙටෝ, මැතිව් ලෝරන්ස්, ෆ්‍රෑන්ක් රිවේරා, ග්වෙන්ඩලින් සහ සේඩි යනු නවක සෙසු චරිත වේ. රේචල් ෆ්ලෙමිං, ඩේවිඩ්, රෙබෙකා සහ ක්‍රිස්ටි යනු මරකත පිළිලයේ මෙන්ම මරකත ඵලකයේත් සිටින්නාවූ සෙසු චරිතයන් වේ.

මරකත පිළිලයේ අවසානයත් සමඟම මරකත ඵලකය ඇරඹෙන්නේ කතාවේ නිහඬ වසර දෙකක් ගත්වීමෙන් පසුවය. මෙහිදී ක්‍රිස්ටෝපර් ටයිලර් සතුව අති බිහිසුණු රහසක් පැවතියේය. ඒත් සමඟම ෂෙරින්ෆර්ඩ් නගරය තුළ නැවතත් මරණ බිය ඇතිවන්නට විය. නන්නාඳුනනා සලකුණු, පාඨයන් සමඟින් මරණයේ සෙවනැල්ල ෂෙරින්ෆර්ඩ් නගරය පුරා දැකගන්නට හැකි වී තිබේ.

රාත්‍රී රැකවලා යනු කවරෙක්ද?
ග්‍රිම් රිපර් යනු කවරෙක්ද?
ක්‍රිස් සතුව පවතිනා රහස කුමක්ද?

මෙම මීනිමැරුම් සිදුවන්නේ සෙවණැලි තුළින් වීම නිසා එය ක්‍රිස්ටෝපර් ටයිලර් ඇතුළු කණ්ඩායමට සොයාගැනීමට හැකිවේවිද?
වැනි දෑ දැනගැනීමට ඔබ මෙම පොත කියවිය යුතුමය. එසේම මෙම පොතෙහි මනෝ විද්‍යාව පිළිබඳව කරුණු රාශියක් දැකගත හැකි බැවින් ඒ පිළිබඳවද දැනගත හැකිය. විශේෂයෙන්ම කතුවරයා මනෝ විද්‍යාව පිළිබඳ මනා දැනුම් සම්භාරයක් සහිතව මෙම කෘතිය ලියූවා විය යුතුය. නැතහොත් ඔහු සොයාගත් කරුණු මෙම කෘතිය ලිවීමට ඉවහල් කරගත්තා විය යුතුය. කෙසේ වෙතත් ඔහු තම දෙවැනි කෘතිය සාර්ථක කරගැනීමට අතිවිශාල උත්සාහයක් දරා ඇතුවා සේ මට දැනේ.

එමෙන්ම ඔහු තම කෘතිය සඳහා ලේඛන ව්‍යවහාරය මෙන්ම භාෂා ව්‍යවහාරය ද එක්කර ඇතුවා සේය. ඔහුගේ ලේඛනයද වෙනස් ආකාරයේ සිත්ගන්නා සුලු ලේඛන රටාවක් වීම නිසාවෙන් පාඨකයාගේ සිත් ඇඳබැඳ තබාගැනීමට සමත් වී ඇත. එසේම මෙම කෘතිය සිනමාරූපීව ලියා තිබීමෙන් සිතේ චිත්‍තරූප මැවේ.

මෙම කෘතිය අවසානයේ ප්‍රශ්නාර්ථයක් පාඨකයා වෙත සනිටුහන් කරමින් නිමා කිරීමද පාඨකයාව තවත් කුතුහලයෙන් තබයි. එය තවත් කෘතියක් නිර්මාණය කිරීම සඳහා පාදක කරගත්තකි.

මෙම කෘතිය ලිවීම සම්බන්ධයෙන් එහි කර්තෘ වන මා සම මිතුරු නෙතිඳු වරාපිටියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. එසේම මෙහි ප්‍රකාශක මියුසස් ආයතනයටත් මෙම කෘතිය ප්‍රකාශනය කිරීම සම්බන්ධවද ස්තූතිවන්ත වෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...