රුසියාව Facebook ත්‍රස්තවාදී ලැයිස්තුවට එක්කරයි

රුසියාව විසින් Facebook සමාගම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා. හරියටම කිව්වොත් ත්‍රස්තවාදයට හා අන්තවාදයට සම්බන්ධ සංවිධාන ලැයිස්තුවට මෙසේ ඇතුල් කර ඇත්තේ Facebook හා Instagram හි මවු සමාගම වන Meta සමාගමයි.

රුසියානු ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ සේවය විසින් අද දින මෙම ඇමෙරිකානු තාක්ෂණික දැවැන්තයා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරේ රුසියාව තුළ ඇති අදාල සමාගමේ බැංකු ගිණුම්ද අත්හිටවමිනුයි.

පසුගිය මාර්තු මාසයේදී මොස්කව් හි ටවර්කෝට් දිස්ත්‍රික් උසාවිය විසින් Meta සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස නම් කළේ රුසියානු හමුදාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැපිරීමට යුක්‍රේනයට ඉඩදුන් බව පවසමින්.
ඉන්පසුව Meta සමාගම විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය උසාවිය විසින් ප්‍රතික්ෂේප කළා.

කෙසේ නමුත් Meta සමාගමේ WhatsApp යෙදවුමට මෙම තහනම අදාල වන්නේ නැහැ. ඊට හේතුව එහි හුවමාරුවන තොරතුරු ප්‍රසිද්ධියේ බෙදා නොහැරීමයි.

ශානක ලියනගම (ලෝකය එකම යායක්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...