ලියවෙන දිනක හිස්ට්‍රිය එස්.එල්.බී.සී – අමතක කරන්නට මේ නම නැත ලේසී

කළ වැඩ ටිකට පෙරළා කළ යුතුය ගරූ
සිය ශිල්පයෙහි මොහු ළග නම් නොමැත බොරූ
සාහිත කලා කෙත නිසි ලෙස කරපු සරූ
මේ කවි අකුරු ස්වල්පය වෙනුවෙන්ය කරූ

බස් පුට්ටන්ට නම් මොහුගෙන් නොමැත සමා
දෙනවා උන්ට දෙකකුල් මුල යන්න තෙමා
ඔබගේ බස ළගදි අපි වෙමු තවම ළමා
මේ කවි ටිකෙත් බස නැසුණොත් බඩුම තමා

ගුරු වී තරුණ සේවාවෙහිදී අපට
සෑහෙන යමක් දුන්නා පට්ටම සැපට
අමතක නොවේ ඒ පාඩම් මේ කපට
ගුරු පඬුරක්ය ඒ අරුතින් මෙය තොපට

යනවා ටිකෙන් ටික මේ හඬවල් නෑසී
අද නම් නිවේදකයෙක් වන එක ඊසී
ලියවෙන දිනක හිස්ට්‍රිය එස්.එල්.බී.සී
අමතක කරන්නට මේ නම නැත ලේසී

මතකද කණ් දෙකෙන් රඟමඩලක් බැලුවා
⁣මේ කටහඬට රසිකයො අප්පුඩි තැලුවා
ශ්‍රාවක සවන් කිසිවිටෙකදි නොම පෙළුවා
හැම ගෙදරට අහසින් ආ හඬ නළුවා

කුතුහලයෙන් බියෙන් තව විටෙකදි ෂොක්ව
බැඳුණා චරිතෙකට ලොකු පොඩි හැම එක්ව
ඇසු හැටි ගුවන්විදුලිය අසලට රොක්ව
අමතක වේද සියවසකට ශර්ලොක්ව

ප්‍රියන්ත කොඩිප්පිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...