බූකර් ත්‍යාගයට ආඩම්බරයෙනි

ෂෙහාන් කරුණාතිලක ගේ බූකර් සම්මානය අඳුරු අහසක නැඟුණු තරුවක් බඳු සිත පහන් කරන ආරංචියකි. බුකර් නොව කවර සම්මානයකට වුව තමා නිසි බව ෂෙහාන් ඔප්පු කරන ලද්දේ මෙයට වසර කිහිපයකට පෙර චයිනමන් රචනා කිරීමෙනි. චයිනමන් යනු පාඨකයකු ට ලෙහෙසියෙන් අමතක නොවන පන්නයේ කෘතියක් බැවිනි. විචාරකයන් පවසන පරිදි මෙවර බූකර් සම්මානයට පත් The Seven Moons Of Maali Almeida යනු ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ප්‍රහසන ආකෘතියකින් යුතුව ශ්‍රී ලංකාවේ මෑත කාලීන ලේ වැකි ඉතිහාසය ට පිවිසෙන කෘතියකි. එසේම එය හොඳම ආකාරයට සංකීර්ණ ය. එමෙන් ම, අවුල්සහගත ය. කියැවීමේ සතුට දනවන, කියැවීමේ රුචිය දනවන කෘතියකි. වහා ගිනිගන්නාසුලු, විදග්ධ සහ තිර ගද්‍ය කෙයිඩන්සියකි (Cadences ).

ගාඩියන් පවසන්නේ , The Seven Moons Of Maali Almeida යනු සාහිත්‍යයමය මල් බර බවකින් යුතුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ සත්‍යය සහ බිය ජනක යථාව නිරූපණය කරන්නක් බව ය. ෂෙහාන් කරුණාතිලක කර ඇත්තේ බියකරු කාලපරිච්ඡේදයක ට කලාත්මක සාධාරණත්වයක් ඉටු කිරීමක් යනු ද ගාඩියන් මතය යි.

හින්දු ඩොට් කොම් පවසන පරිදි ෂෙහාන්, මරණයෙන් පසු ඔබේ මතකයේ රැඳෙන්නේ කුමක්ද ?ජීවත්වන්නන්ට ඔබේ ආදරයේ අර්ථය කවරේද? යන ප්‍රශ්නය නොකඩවා නඟයි.

තවත් තැනක කියා තිබුණේ සල්මන් රෂ්ඩි ගේත් ගාර්ෂියා මාර්කේෂ්⁣ ගේත් ඉන්ද්‍රජාලික යථාර්ථවාදයත්, නිකොලායි ගොගොල්ගේ මළ ආත්ම (Dead Soul ) සහ මිහයිල් බුල්ගාකොව් ගේ මාස්ටර් සහ මාගරීටා ( Master And Margarita ) වැනි අධියථාර්ථවාදයත් Seven Moons Of Maali හි අන්තර්ගත බව ය.

අත පය අහිමි, ලේ වැකි ඇඳුම් ඇඳි මළ මිනිසුන් ෂෙහාන්⁣ ගේ කෘතියේ හමුවේ. එල්ටීටීඊ යේ මෙන් ම ජවිපෙ කැරැල්ලේ වින්දිතයන් ද එහි සිටිති. දින හතක් තුළ පින්තූර හෙළිදරව්වකට උත්සාහ දරන මාලි යනු සන්නද්ධ කැරැල්ලේ මියගිය සාක්ෂිකරුවෙකි. එසේ ම ඔහු, තමන් ගේ මරණය ගැන තමා ම ගවේෂණය කරන ඡායාරූප ශිල්පියෙකි. 1983 දෙමළ නිවාස ගිනිතැබීම්, අතුරුදන් මාධ්‍යවේදීන්, අත්අඩංගුවේ දී සිදුවන ඝාතන මේ සියල්ල අඩංගු
The Seven Moons Of Maali මායා යථාර්ථවාදය, හොල්මන් කතා, රහස් පරීක්ෂක කතා ශෛලීන් සුසංයෝගිත මුහුන් ෂොනරිත ප්‍රබන්ධයක් වශයෙන් විචාරකයෝ හඳුන්වති.

බූකර් තේරීම් කමිටු ප්‍රධානී මැක් ග්‍රෙගර් ⁣පවසන පරිදි සම්මානය සඳහා තේරීම් මඩුල්ල ෂෙහාන් ගේ කෘතිය නිර්දේශ කරනු ලැබුවේ, කෘතියේ; නිර්භීතභාවය, විජිගීෂාව, අන්තර්ගතය, කෞශල්‍යය, ප්‍රගල්භ බව, දණ්ඩනයේ විනෝදාත්මක බව හේතුවෙනි.The Seven Moons Of Maali , ජීවිතය සහ මරණය අතරින් රෝලකෝස්ටර් ගමනකින් , කතුවරයා කියන ලෝකයේ අඳුරු අගාධයට පාඨකයා ගෙන යන කෘතියබවත්, එක් හිදී පාඨකයා විස්මයට, ප්‍රීති ප්‍රමෝදයට, ආලයට, කාරුණික බවට, පක්ෂපාතිත්වයට පත්වන බවත් බුකර් විනිසුරෝ කියති.

සියල්ල එසේ වෙද්දී , ෂෙහාන් කියන්නේ ලාංකේය ජනයා සාහසිකත්වයට අනුගත වන අතර අර්බුද වලට ඔච්චම් කරන පිරිසක් බවයි. යුද්ධය සහ ජනතාව අතර බෙදීම සම්බන්ධව සාකච්ඡා කරන තම නව කතාව අනාගතයේ දිනයක පොත් සාප්පුවල අද්භූත මනස්කල්පිත කතා රාක්ක වල තිබෙනු දැකීම සිය බලාපොරොත්තුව බව ඔහු වැඩි දුරටත් පවසයි.

අනුර කේ එදිරිසූරිය

(පින්තූරයේ ගෞරවය- “හොඳම පොත් එකතුව” )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...