බ්‍රිතාන්‍ය අගමැති පුටුව ආයෙත් ජොන්සන්ට?

ලීස් ට්‍රස් මැතිණියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අගමැති ධූරයට හිටපු අගමැති බොරිස් ජොන්සන් මහතා පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඔහුගේ ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය දැරූ රිෂී සුනාක් ද අගමැති සටනේ ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අඩුම කාලයක් අගමැති ධූරය හෙබවූ 47 හැවිරිදි ලීස් ට්‍රස් ඊයේ ඉල්ලා අස්වුණා. ඇය අගමැති පුටුවේ හිටියේ දින 44ක් පමණයි. මීට කළින් අඩුම කාලයක් එනම් දින 119ක් අගමැති ධුරය දරා තිබුණේ ජෝර්ජ් කනිං මහතායි. ඔහු ධුරය දරමින් සිටියදී හදිසියේ මියයෑම නිසා 1827දී අගමැති ධූරය පුරප්පාඩු වුණා.

ජූලි මාසයේදී බොරිස් ජොන්සන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ලීස් ට්‍රස් මැතිණිය පාලක කොන්සවේටිව් පක්ෂයේ නායකත්වයට පත්වුණා. ඒ අනුව ඇය පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගනිමින් අගමැති ධූරයට පත්වුණා.
ලීස් ට්‍රස් අගමැතිනියගේ නව රජය සිදුකළ බදු කප්පාදුවත් සමග බ්‍රිතාන්‍ය ආර්ථිකය දැඩි අස්ථාවර භාවයකට පත්වුණා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුමේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීමක් ද වාර්තා වුණා. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර පාලක කොන්සවේටිව් පක්ෂය තුළද අභ්‍යන්තර අරගලයක් නිර්මාණය වුණා.

අගමැතිනියගේ ඉල්ලා අස්වීමට මූලික හේතුව ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමයි. පක්ෂ නායකත්වයට පත්වන විට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත් සඳහන් කරමින් ඩවුනින් වීදියේ අංක 10 දරණ අගමැති නිල නිවස ඉදිරියේ සිට ඇය තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළා.

ශානක ලියනගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...