පාවුලෝ කොයියෝගේ කතාවක් ,,
සමහරුන් විසින් කෘෘරකමක් ලෙසද තවත් සමහරු සම්ප්‍රදායක් ලෙසද සළකන දඩයම බර්තාගේ සැමියා විසින් සළකන ලද්දේ දඩයක්කාරයෙකුට සිය ඡිවිත කලාව ඉගෙනගත හැකිහොදම මාවතක් වශයෙනි. ඉදින් මුදල් යහමින්ද, දඩයම පිළිබදව ඉතා මද අත්දැකීමෙන්ද යුත් කවුරුන්හෝ විස්කෝස් ග්‍රාමයට පැමිණි විට බර් තා ගේ සැමයා කලේ ඔවුන්ව මුඩුබිමක් කරා රැගෙන යාමයි .එහිදී ඔහු කළේ ගලක් මත හිස් බියර් කෑන් එකක් තබා අණතුරුව ඉන් යාර 50 ක් ඔබ්බෙහි සිට එය එකම එක වෙඩි පහරකින් පියාඹා යෑමට සැලස්වීමයි.වෙඩි තබා ඉවරවු පසුව ඔහු මෙසේ කියයි.
‘‘මේ පළාතේ ඉන්න හොදම වෙඩික්කාරයා තමයි මම, දැන් ඔහේල හදන්නේ මං වගේ වෙන්නෙ කොහොමද කියල බලාගෙන ඉගෙණ ගන්න එකයි.‘‘
එසේ කියා ඔහු නැවත අර හිස් බියර් කෑන් එක ගල උඩ තබා ඔහු පෙර සිටගෙන සිටි තැනට ආපසු ගොස් තම සාක්කුවෙන් අත් ලෙන්සුවක් ගෙන අලුතින් පැමීනි තැනත්තා අතට එය දී තමාගේ දෑස් බදින ලෙස ඉල්ලා සිටියි. අනතුරුව සිය ඉලක්කය වෙත තුවක්කුව මානා එයට වෙඩි තබයි.
‘‘ මම ඒකට වෙඩි තිබිබද ?‘‘ ඔහු දෑස් ලිහා දමමින් අසයි.
‘‘ මොන, පැත්ත පලාතකින් ගියේනෑ. ‘‘ අලුතින් පැමිණි තැනත්තා දඩයක්කරුට එසේ කියන්නේ දඩයක්කරුවා නිකන් කයිවාරුකාරයෙක් සේ සළකා ඔච්චමටය. .
‘‘ඔහේ අඩු තරමින් ඒක අහලකින් වත් යන්න වෙඩි තිබිබෙ නෑ , ඉතින් මම හිතන්නෙ තමුසෙ ගාව මට ඉගෙනගන්න මෙලෝ මගුලක් නෑ ‘‘
එවිට බර්තාගේ සැමියා මෙසේ කියයි.
‘‘ මෙි අහගන්නව මනුස්සයෝ මිනිහෙක්ගෙ ඡීවිතේ ලබන්න පුලුවන් වැදගත්ම පාඩමක් තමයි දැන් මම තමුසෙට ඉගැන්නුවෙ, එකෙන් මම තමුසෙට කියල දුන්න තමුන්ට මොනවහරි ලබා ගන්න ඔන නමි තමුන් දෑස් හොදින් ඇරගෙන නියම කල්පනාවෙන් තමුන්ට හරියටම අවශ්‍ය මොනවද කියල හොද තහවුරුවකින් ඉන්න ඔනෑ. ඒ වගේම කිසිම එකෙකුට බෑ තමුන්ගෙ දෑස් වහගෙන හරියටම ඉලක්කෙකට තියන්න .‘‘
පාවුලෝ කොයියෝගේ යක්ෂයා සහ ප්‍රයමි මෙනවිය කෘතියෙන්
( පරිවර්තනය චුලානන්ද සමරනායක )
උපාලි ජයසිංහ