ගෙවුනු පොත් වසන්තයේදි අතමිට කාසිපනම් යහමින් නොතිබ්ච්ච නිසා හිතාගෙන හිටපු විදිහට පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. මිලදී ගත්තු පොත් පත් කීපය අතරින් , අලෙවි කුටි පීර පීර හොයාගෙන ගිහින් මිලදී ගත්තු එකම එක පොත තමයි මේ.
දාහක් වැඩ මැද ලැබෙන පුංචි විරාමයකදි මේ පොත කියවන අතරෙ හිතෙනවා ඇත්තටම මේ පොත ගත්තු එක නාස්තියක් නෙමෙයි කියලා.
අවුරුදු ගාණක් තිස්සෙ ඔලුවෙ බැඳිච්ච මලකඩ කඩාගන්න, හූරගන්න මේ පොතෙන් ලැබෙන පිටිවහල මරු.
ඒ කියන්නෙ, උදාහරණයක් විදිහට මීට අවුරුදු 10කට විතර කලින් හිටපු “මම” හිතන් උන්නෙ “මම, මා වටා සිදුවෙන හැම දේකටම ප්‍රතිචාරයක් දැක්විය යුතුයි- මා වටා සිද්ධ වෙන හැම දේකටම මගේ කියලා මතයක් දැක්මක් තිබිය යුතුයි ” කියලා..
හැබැයි මේ වෙනකොට ඔය මොන දෙයක් සිද්ධ වුනත් ඒකෙන් ඈත් වෙලා අයින් වෙලා පයින් යන්න පුරුදු වෙලා.. ( මේ කියන්නෙ මට කිසිම මතයක් නැහැ කියන එක හෝ කිසිම දේකට ප්‍රතිචාර දක්වන්නෙ නැතුව ඉන්නවා කියලා නෙමෙයි..ඈ..)
අන්න ඒ වගේ හිතන මතන, ලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් , විෂමකම් කරට ගන්නෙ නැතුව පාඩුවෙ ඉන්න කෙනෙක් මේ වගේ පොත් කියවීමෙන් බිහිවෙනවා කියලා මට හිතෙනවා.
අප වටා ගොඩනැගිලා තියෙන සමාජය, සංස්කෘතිය, ආගම, දේශපාලනය, ආර්ථිකය, මාධ්‍ය, සම්බන්ධතා, අපිට බලපෑම් කරනවා..අපිව වෙනස් කරවනවා. ඒවට හැකිතාක් අහුවෙන්නෙ නැතුව ස්වාධීනව මේ ඉතිරි ජීවිත කාලය ගත කරන්න පුළුවන් නම් මං හිතන්නෙ ඒක පට්ට..
මේ පොත ජීවිතය දිනන හැටි කියන ජනප්‍රිය ධනාත්මක චින්තනයට අයත් එකක් හෝ ජනප්‍රිය බුදුදහම ඇසුරු කරගෙන ලියපු එකක් නෙමෙයි..
ධනංජය කරුණාරත්න කියන නාට්‍යවේදියාට “නින්ද නොගිය දවස්වල සටහන්” විදිහට ෆේස්බුක් අවකාශයට මුදාහැරපු ලියවිලි කීපයක්..
සුභාවි ප්‍රකාශනයක් විදිහට එළිදක්වලා තියෙන මේ පොත හොයාගෙන කියවන්න කියලා මම ඔබට යෝජනා කරනවා..
ප්‍රභාත් කුමාර දේශප්‍රිය
Thanks for sharing this.. ❤️