“ඇත්තම කිව්වොත් අභී ගේයක්කාරිනියක්, මේක හිත කීරිගස්සන නිර්මාණයක්”

අභී කියන්නේ වෙනස් ජීවන දැක්මක් තියෙන ශිල්පිනියක්. ඇය ඇගේ අදහස් පළකරන්න බය නෑ. ඇත්තම කිව්වොත් ඇය ගේයක්කාරිනියක්. මෑත කාලය තුල ඇය නිර්මාණය ගීත එකාකාරී රටාවෙන් මිදී ඇය කල ගී නිර්මාණයන් ලෙසයි මම දකින්නේ.

මේ ඇගේ අලුත්ම නිර්මාණය. මේක හිත කීරිගස්සන නිර්මාණයක්. ප්‍රේමය නම් කිමැයි කියා අපට හරියටම නිර්වචනයක් හොයා ගන්න තවමත් බෑ. ප්‍රේමය බිඳවැටීමෙන් පසුව ප්‍රේමවන්තයින්ගේ සිත් මනස වැඩ කරන ආකාරය ගැන කාටවත් පරිකල්පනය කරන්න බෑ.

මේ ගීතයට අදාල සංගීත වීඩියෝවත් අපූරු නිර්මාණයක්. අදියුරු කස්සාට මගේ ආදරය. ඒ වගේම එහි මුඛ්‍ය චරිත සඳහා අභී සහ කස්සා තෝරාගත් අශාන් ඩයස් හා භූමි හරේන්ද්‍ර යන දෙදෙනා .. ඔවුන් දෙදෙනාම ඒ අභියෝගය ජයගන්නවා. භූමි ඒ චරිතයට තෝරාගැනීමම අහීට හා කස්සාට අභියෝගයක් වෙන්න ඇති. ඒ අභියෝගයක් බිය නැතිව ගැනීම ගැන මගේ ගෞරවය ඔවුන් දෙදෙනාට.

ගීතය අවසානයේ අහී ම පවසන මේ වදන් ටික බලන්න. එයම ඇති ප්‍රේමය නිර්වචනය කරගන්න නව කවුළුවක් විවෘත කර ගන්න.

“මිනිස්සු ආදරය කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලයේම එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්.ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා. ”
ගීතය පහත සබැඳියෙන් රස විඳින්න

කපිල එම්. ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...