යුද ගැටුම්, න්‍යෂ්ටික අවි 10000 කට වැඩි පරිසරයක ලෝකය නැවතත් ශිෂ්ටාචාර ගත වන සැනකෙලිය සැබෑ අරාබි වසන්තය ඇරඹීම
මනුෂ්‍ය ශිෂ්ටාචාරය තියෙන්නෙ අතිශය අවදානම් අඩියක. ඒත් ශිෂ්ටාචාරයේ පැවැත්ම ගැන බලාපොරොත්තු තියාගන්නත් පුළුවන්. මනුෂ්‍යා තව-තවත් ලෞකික නිදහස නිදාගන්න අරගලයක තමයි ඉන්නෙ. ඒ අරගලය තුළ විවධාකාර වෙනස්කම් නැතිනම් මේ තරම් අර්බූධ, ගැටුම් ඇතිවෙන්නේ නෑ. ඒත් විවිධත්වයම තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරය ලස්සන කරන්නෙ. ක්‍රීඩාව මනුෂ්‍යයා සජීව ලෙස පුබුදුවන, ජීවන අනුරාගය වඩවන, ශීලාචාර ගති ලක්ෂණ පුරුදු-පුහුණු කරන එකක්.
දෙවන ලෝක යුද්දයෙන් පසු ආයෙ ඇතිවන තෙවන ලෝක යුද්ධයක් ගැන හිතන්නවත් බෑ. 1945 ජපානයට දැම්මාට වඩා දස දහස ඉක්මවන න්‍යෂ්ටික අවි ලෝකයට තියෙනවා. මේ අතරේ ශිෂ්ටාචාරයත් ඉදිරියට යනවා. ඒ කිසියම් ශිෂ්ට බවකුත් ඇති කරගෙන ක්‍රීඩාව සහ කලාව ඒ සඳහා ප්‍රබල ලෙස දායක වෙනවා.
ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකයින් ඉන්නේ පාපන්දු ක්‍රීඩාවට. ඒ ප්‍රමාණය බිලියන පහක්. දෙවන තැන ක්‍රිකට් ක්‍රීඩාවට. ඒකට ඉන්න ප්‍රෙක්ෂණකියින් ප්‍රමාණය බිලිනයන 2.5 ක්. පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරඟවාලිය මැද පෙරදිග රටකට ඇවිල්ලා. කවුරු කොහොම කිව්වත්, නොපිළිගත්තත් සමස්ථයක් විදිහට ගත්තොත් මැදපෙරදිග රටවලින් එහෙමට කියන්න ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් නෑ ඊශ්‍රායලය, ජෝර්දාන, ලෙබනනය වැනි රටවල් ඇරුණාම. වැඩියෙන්ම තියෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් වැඩවසම් දේව ධර්මය මත පදනම් වූ ආණ්ඩු. ඒ රටවල මානව හිමිකම්, කාන්තා නිදහස සහ දේශපාලන නිදහස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ අතර මැද පෙරදිග කටාරය, ඩුබායි වැනි රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ සෙමෙන් වුවත් සිදුවෙන බව පේනවා. නැතුව ඔවුන්ට ඉදිරි ගමණක් නෑ. ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම් ආගමික මුල්ලාවරුන්ටත් මේවා බලන්නට ආරාධනය කරනා නම් හොඳයි. ඔය කුමන වෙනස්කම් මැද වුවත්, මනුෂ්‍ය ජාතියක් විදිහට එකට එකතු වෙන, ජය පරාජය සම සිතින් පිළිගන්නා , එකිනෙකා දරාගන්නා-ඉවසන ක්‍රීඩාවේ ජීව ගුණය දැන් මැද පෙරදිග පැතිරෙනවා. ඒක ඒ ඒ රටවල දේශපාලනයටත් කාන්දු විය යුතුයි.
2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අරම්භක උත්සවය ඉතාම චමත්කාර ජනකයි. ඒ තුළ මැද පෙරදිග වගේම බටහිර සංස්කෘතියත් නිරූපනය වුණා. තාක්ෂණය සහ නිර්මාණශීලී දායකත්වය වැඩි ප්‍රමාණයක් බටහිර වෙන්න පුළුවන්. ඒ වගේම කටාරයේ වැසියන් ද ඒවාට සම්බන්ද වෙන්න ඇති. ඒ දැවැන්ත ප්‍රාග්ධනය කටාරයේ.
මේ වන විට ලෝකයේ දේශපාලන එදිරිවාදිකම් ඇති, සීතල යුද්ධ වල පැටලිලා ඉන්න, දේශපාලනික වෙනස් කම් ඇති රටවල් මානව හිමි කම් රකින-නොරකින දැවැන්ත රටවල් මේ තරඟාවලිය නිායෝජනය කරනවා. දේශපාලනික ප්‍රතිවිරෝධයන් කොපමණ තිබුණත් නීති-රීති අනුව තරඟ කිරීමත් ජය පරාජය විඳගන්නත් බලවත් වුවත් ඕනෑම රටකට සිදුවෙනවා. ශිෂ්ට සම්පන්න බව කියන්නේ ඒකට. කිසිවෙකුත් තෙවන ලෝක යුද්ධයකට මුල් වන පළමු වෙඩිය නොතබන තාක් කල් ලෝකය ආරක්ෂාකාරී වේවි-සුන්දර වේවි. ක්‍රීඩාවෙන් ලැබෙන්නේ එවැනි ශික්ෂණයක්.
අතුල දිසානායක