සුළඟෙහි ම සුළඟක්ව සහ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’ මට දැනෙන එක විදිහක්

කවි පොතකට කැමති වන හේතු කීපයක් තියෙන්න පුළුවන්. එයින් එකක් විතරක් තනියම සාකච්ඡා කිරීම අමාරුයි .ඒත් එයින් එකක් ටිකක් මතු කර පෙන්වන්න බැරිත් නෑ. නදුන්ගේ මේ කියන පොත් දෙකේම ශ්‍රී ලංකාවෙ මෑත කාලීන දේශපාලනයෙ සහ අනෙකුත් වැඩවල ඇති වියලි බව විනිවිදින කවි තියනවා. දැන් දැන් ඇතැම් විට අපි විශ්වාස කළ ප්‍රගතිශීලි බලවේගවල සාහිත්‍ය ප්‍රකාශනවලත් ඒ වියලි බව, ඒක මානී බව නො ගැඹුරු බව පේනවා .ඒ බලවේග වල ඉන්න වියතුන් ඒවා පෙන්වා නුදුන්නොත් තත්ත්වය තව අවුල් වෙන්න පුළුවන් .මට මෙහිදි ලියනගේ අමරකීර්ති මීට අවුරුදු හත අටකට පෙර කවි ගැන කතා කරද්දි කියපු දෙයක් මතක් වෙනවා .

”ලංකාවෙ මෙක්සිකානු තානාපති වෙලා හිටියත් ඔහුගෙ කවියෙ එළිය සිංහල කවියට නො වැටීම පනස් හයේ දරුවන්ගෙ ඛේදවාචකයෙ තවත් එක ප්‍රකාශනයක් වෙන්ඩ ඕන ”

අමර්කීර්ති මේ කියන්නෙ ඔක්ටාවියෝ පාස් නම් නොබෙල් ත්‍යාග ලාභී කවියා ගැන .පාස් කවි ගැන ලියූ පොතක් කියවද්දි මට අහුවුණ වැකි කීපයක් නදුන්ගෙ කවියෙ මං කියන ලක්ෂණය ගැන කියද්දි වැදගත් .ඒක ඉස්සෙල්ලා උපුටගෙන ඉන්නම් .

” Through out history,and under the most diverse circumtances,poets have participated in political life.I am not referring to poetry as an art in the service of a state,a church ,or an ideology.We already know that this concept of poetry,as old as political and ideological power,has invariably produced same the result :states fall,churches break apart or petrify,ideologies vanish -but poetry remains .No ,I am referring to the participation of the poet in civi life .”

කවිය වැනි සියුම් කලාවක් දේශපාලන අඩවියේ හැසිරෙන අයුරු මෙහි දී පාස් සියුම්ව හසු කරගනන්නවා . .සුනිල් විජේසිරිවර්ධනගේ පුරවැසි මං පෙත් ,අමරකීර්තිගෙ පරිවර්තිත කෘතියක් වන කලාව කුමකට ද ?වැනි පොත්වල අන්තර්ගතය වටහා ගත් කෙනෙකුට පාස්ගේ මේ සියුම් අවධාරණය සෑහෙන පළල් අවකාශයක සාකච්ඡාකිරීමේ භාග්‍ය ද උදාවෙයි .

නදුන් කිසි කලෙක කවිය දේශපාලනික විය යුතු යැයි ඉදිරියට විත් කියන කවියෙක් නූනත් ඔහුගෙ කවියා අපට දේශපාලනිකව කියවන්න පුළුවන් .ඒත් ඒ දේශපාලනය මිනිස් අධ්‍යාත්මයෙ සියුම් අඩවි මඟ හැර යන අපේ වමේ දේශපාලනයට හසු නොවෙන්න පුළුවන් .නදුන්ගෙ කලින් පොතේ තිබුන ගිනි ගහන නගරය මැද අම්මා වැනි කවියක් මේ සමාජයේ වියලි බවට අභියෝග කරන්නෙ බෂෝ ඔහුගෙ ගෝලයකු වූ කිකායිගෙ බත්කුරාගෙ කවියට ලියූ පිළිතුරු කවිය මතක් කරමින් .මේ පොතේ එන එක කවියක් මෙතනදි මං උපුටාගන්නෙ මේ කවියෙන් අපේ රටේ අඳුරු පදාස වෙත අල්ලපු රටේ විශිෂ්ට මිනිසකු ඇසුරෙන් එළිය විහිදන නිසා .

”එතෙක් ඔබ පරීක්ෂා කරන්න”

පුස්තකාලයේ අභිනවයෙන් තැනූ මහත්මා ගාන්ධිගේ ප්‍රතිමාව විවුර්ත කිරීමට අද දින ඇමතිතුමා එන නිසා සියලු පාඨකයන් පුස්තකාලයට ඇතුළුවිය යුත්තේ පූර්ණ පරීක්ෂාවෙන් පසු ය .
කියවා අවසන්
ගාන්ධිගෙ මහ දිග බර
චරිතාපදානය
බාරදෙන්නයි ආවෙ
මහත්තයො
පුස්තකාලයට
ඔය උරුක් කරන
තුවක්කුවල
තියෙනවද මොන
පුපුරන දේවල්
ඔළු ඇතුළට
වදින
මේ පොතටත්
වඩා
කොහොමින්
කොහොම
හොයාගන්න ද
ඒ පුපුරන ද්‍රව්‍ය
අතගා
ඉණ ඉහ
හැකි නම්
කියවන්න
එක පරිච්ඡේදයක් වත්
යටත් විජිතයක
නැඟුණු මිනිසෙකු
කළ පරීක්ෂාවන්
ඇතුළට
පිටට
ඉඩදෙන්න
මේ
පොත
තබන්නට
රාක්කෙක
මොළ ඇති
ඔළු
ඇතුළට ම
පුපුරන්න
එතෙක්
ඔබ
ගාන්ධි ප්‍රතිමවා
ඉදිරිපිට
රිසි සේ
පරීක්ෂා
කරන්න ”

නදුන් මේ අපට මුණගස්සන්නේ අවිහිංසාව කඳුවලටත් වඩා පැරණි නිසා තමාට ඒ ගැන ලෝකයට අලුතින් කියන්නට දෙයක් නැති බව කියූ මහා මිනිසකු ගැන ය .ඔහු සිය ස්වයා ලිඛිත චරිතාපදානය නම් කොට තිබුණේ ” My EXPERIMEN WITH TRUTH ‘ යනුවෙනි. සත්‍ය වෙනුවෙන් සටන් කළ මේ මිනිසාගෙ එළිය ලෙයින් තෙත් වූ මේ පොළොව වෙත වහ වහා වැටිය යුතු බව නදුන් ඉඟි කරයි. නදුන්ගේ කවි පොත ගැන මීට වඩා දීර්ඝ ලෙස කතා කළ යුතු වුවත් දැනට නවතිමි .

ප්‍රියංකර නිවුන්හැල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...