“මට හිතෙන්නෙම මේ මූසල ගොඩ නැගිල්ල පුස්තකාලයක් කරන්නමයි”

දුයිෂෙන්ගෙ පුස්තකාලය ට ඔයාගෙනුත් පොතක්…!

දුයිෂෙන් ගේ පුස්තකාලයට හෙට ඉදං මගේ දේශීය විදේශීය මිතුරන්ට පොත් එවන්න පුලුවන්.
පිංතූරයේ ඉන්නේ දැනට විශ්‍රාම සුවයෙන් ඉන්න ගුරු මහත්මියක් අපේ වැඩේට සහය දෙන්න අද ඇවිල්ලා හිටිය අයුරු. මුලු ගේම අස් කරල සෝදල දැම්මා. මට මේ අම්මාව දැනෙන්නේ ගොර්කි ලිව්ව “අම්මා” වගේ. අපට ලබන සති කිහිපයේ ගොඩනැගිල්ල යථාර්ථයක් කරගන්න පුලුවන් වෙයි. හෙට වියදම් ඇස්තුමේන්තුවක් දාන්නම්.
ගොඩ නැගිල්ල හදන තෙක් පොත් එකතු කරන වැඩේ හෙට ඉදන් පටන් ගන්නවා. අපට ගොඩ නැගිල්ල open කරන දවසට පොත් ටිකත් එකතු වෙලා තියේවී.

ඉතිං මිතුරනි, ඔබ කියවා අවසන් කළ නවකතාව,කෙටි කතාව, පරිවර්තනය , ශාස්ත්‍රීය ග්‍රන්ථය අපේ දරුවන් වෙනුවෙන් තැපෑලෙන් එවන්න. (ඔලුව සහ හදවත් හදන පොත් ඕනෑ කරනවා) මතක් කරලා ඔබගේ විස්තර පොතේ සටහන් කරන්න. කැමති නම් මට ටැග් කරලා post එකක් දාන්න.

මෙන්න ලිපිනය –

විදුහල්පති
“දුයිෂෙන්ගේ පුස්තකාලය “
අම්/මහ/වරාපිටිය විද්‍යාලය ,
වරාපිටිය ,
කැකිරිහේන,
මහඔය .

ආරම්භය

මට හිතෙන්නෙම මේ මූසලගොඩ නැගිල්ල පුස්තකාලයක් කරන්නමයි.

” පිස්සු ද බං මිනිස්සුන්ට කන්නවත් දෙයක් නැතිව ඉන්නේ. උඹලා මේ පුස්තකාල හදන්න දගලනවා” කියල යාළුවෝ කියනවා.
” මචං, මිනිස්සුන්ට කන්න නැතිවෙනකොට තමයි පුස්තකාල හදන්න ඕන. පාසල් අරින්න ඕන.නැත්නම් හිරගෙවල් වැඩි වෙනවා.” කියල මං කියනවා.

පාසලක, විශ්වවිද්‍යාලයකම වටිනාම ස්ථානය පුස්තකාලය කියන එකයි මගේ අදහස. ඒත් ළමයි වැඩි පුරම කාලය ගෙවා දමන්නේ කැන්ටින් එකේ.

අඩුම තරමින් මේ ගොඩ නැගිල්ලට අවුරුදු 45ක් වත් වෙනවා. මම 1990 පාසලට යනකොටත් මේ ගුරු නිවාසය තිබුණා. කාලයක් මේක office එකක්. තව කාලයක මේක කැන්ටින් එකක්. ඒ කාලේ අපට බෙදුවා රස බිස්කට් එකක්. මම දවසක් මේකේ තියල තිබුණ ඒවායින් එකක් හොරෙන් කෑවා. පට්ට සුවදයි. ඒ කාලේ අපට මන්දපෝෂණය. දැං මං අම්/මහ/ වරාපිටිය පාසලේ උගන්වනවා. දැං අපි මේ ළමයින්ට බත් උයල දෙනවා. එයාලට මන්ද පෝෂණය ….!!!

ලංකාවේ හතර දිග්බාගයෙන් ආව ගුරුවරු නැවතිලා හිටියේ මේ ගොඩ නැගිල්ලේ. ගුරු පවුල් කීයක් හිටිය ද ? දරුවෝ කීයක් මේකේ හැදිල වැඩිල ඇද්ද ?

මේක කඩාගෙන වැටෙනවා බලන්න අමාරුයි බං. මේක චමරියක් කළොත් කවුරු හරි ගුරුවරයෙක් රිංගගෙන ඉදියි. නැත්නම් දෙන්නෙක්. ( මම නූතන ගුරුවරයට කැමති නෑ. මමත් ඇතුළුව)
ඒත් මේක පුස්තකාලයක් කළොත් විවිධ රටවල ගුරුවරු දහස් ගණනක් රාක්කවල ඉන්දවන්න පුළුවන් වෙයි.
එයාලා පැන්ෂන් යන්නෙ නෑ. ගෙදර යන්නෙ නෑ. මුදල් අය කරන්නෙ නෑ. අවුරුදු සිය ගණනක් දරුවෝ දහස් ගණකට උගන්නාවී…..! ඒක හොද නැද්ද?

දෙපැත්තකින් වැඩේ පටන් ගමු.

01. පොත් එකතු කරමු.
02. ගොඩ නැගිල්ල අලුත් වැඩියා කරගමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...